පාසලේ ඉතිහාසය

2024 සමස්ත ලංකා පාසල් සංගීත තරගාවලියේ ප්‍රථම ස්ථානය දිනාගත් සිසුන් ඇගයීමේ උත්සවය

2024 දෙවන වාර පරීක්ෂණය

ves1.jpeg
ves1.jpeg

වර්ෂ එක්දාස් නවසිය පනස් හතරේ එවකට කිඳිගොඩ ගමේ ගම්මුලාදෑනි ලෙස කටයුතු කළසෙයියදු කාසීම් මහතාගේ මූලිකත්වයෙන්කි ඳිගොඩ බණ්ඩාරනායක විද්යාලය ආරම්භ විය.ඒ සී ජබාර් පළමු ශිෂ්යයා වන අතර මුළු සිසුන් ගණන දස දෙනෙක් විය.ඔවුන් සියල්ලම මුස්ලිම් ජාතිකයින් විය. පාසල් වත්ත  වෙල්යායක් මැද මහවැලි ගඟ අසබඩ පිහිටි අක්කර එකක භූමි ප්රමාණයක් විය. එහි පිදුරු සෙවි ලි ඉදිකර වරිච්චි බිත්ති සහිත තාවකාලික ගොඩනැගිල්ලක පාසැල් පවත්වා ඇත. වර්ෂා කාලයට ගං වතුර උවදුරින් පීඩා එල්ල වූ නිසා පාසල් ගොඩනැගිල්ල නිරන්තරයෙන් විනාශයට පත්විය.එමෙන්ම වර්ෂා කාලයේදී ගුරුවරුන්ට සහ ළමයින්ට ගමනාගමන අපහසුතා ද ඇතිවිය. මෙවැනි දුෂ්කරතා හේතුවෙන් සමසේ පනස්  පාසල වෙනත් තැනකට රැගෙන යන ලදී.උඩවෙල ග්රාමයේ ආරම්භ කළ  පාසල සිසුන් 101 දෙනෙකුගෙන් සමන්විත විය. ආරම්භක විදුහල්පතිවරයා වන්නේ සමරකෝන් මහතාය. ගොඩනැගිලි සංඛ්යාව දෙකක් වන අතර භූමි ප්රමාණය අක්කර දහතුනක් විය.

 

ආරම්භ කළ වර්ෂය

1954 අගෝස්තු10

එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව

01

පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව

101

පාසලේ මුල් ගොඩනැගිලි ගණන

01

පාසලේ නම

කිඳිගොඩ බණ්ඩාරනායක විද්‍යාලය

පළමු විදුහල්පතිතුමා

සමරකෝන්මහතා