2024 සමස්ත ලංකා පාසල් සංගීත තරගාවලියේ ප්‍රථම ස්ථානය දිනාගත් සිසුන් ඇගයීමේ උත්සවය

2024 දෙවන වාර පරීක්ෂණය

ves1.jpeg
ves1.jpeg

විදුහල්පති පණිවිඩය

ඩබ්ලිව්. එල් සී. කුමාරි මිය

වර්ෂය එක්දාස් නවසිය පනස් දෙකේ ආරම්භ කළ බණ්ඩාරනායක ද්විතීක පාසල මේ වන විට 6 ශ්රේණියේ සිට දහතුන් වන ශ්රේණිය දක්වා පන්ති පවත්වනු ලබයි.අප සිසු දරුවන් කලාප, පළාත් මෙන්ම ජාතික මට්ටමේ ජයග්‍රහණ රාශියකට උරුමකම් කියන අතර, පාසලෙන් බිහි වූ කීර්තිමත් ආදි සිසුන් ද බොහොමයකි. අද වන විට ඔවුන් රටේ ඉහළ තැන්වන තනතුරු දරමින් රට දැය වෙනුවෙන් සුවිශේෂි මෙහෙවරක් ඉටු කරති.

නව තාක්ෂණික දැනුමෙන් අනාගතය දකින්නට වෙර දරන දරු පරපුරට මෙම වෙබ් අඩවිය මහඟු තෝතැන්නක් වේ යැයි මා සිතමි. වෙබ් අඩවිය නිර්මාණකරණයට දායකවූ සැමට මාගේ ස්තුතිය පිරිනමන අතර අනාගත ලෝකයට ගැළපෙන නව දැනුම  සමඟින් හෙට ලොව දිනන්නට හැකි වේවායි සුබ පතමි.

 

 

ඩබ්ලිව්. එල් සී. කුමාරි මිය
විදුහල්පති
බණ්ඩාරනායක ද්විතීයික පාසල.